මෙහිදි ඇති ප්‍රධාන ප්‍රශ්ණය වන්නේ විදේශ විනිමය ඌනතාවයයි. මෙම ඌනතාවය නිසා, ඉන්ධන ඌනතාවයකට (ප්‍රවාහන අපහසුතාවලට, විදුලිය නිපදවීමේ අපහසුතාවලට මුහුන දීමට සිදු වේ), ඖෂධ, කෘෂිකර්මාතය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඌනතාවයකට (පොහොර, කෘමිනාශක, වල් නාශක – ආහාර ඌනතාවයකට) ප්‍රධාන වශයෙන් මුහුන දීමට සිදුවේ. මේ නිසා උද්ධමනය ඉහල යාම (මුදලේ අගය අඩුවීම, භාන්ඩ මිල ඉහල යාම සිදු වේ) රාජ්‍ය බදු වැඩි වීම, ජිවන වියදම වැඩිවීම, ව්‍යාපාර කඩා වැටීම, රැකියා අහිමි වීම අපරාධ/සොරුන් වැඩිවීම සිදු වීම.
මේවාට කෙටි කාලීන විසඳුම් ලෙස මා දකින්නේ;
- අත්‍යාවශ්‍ය ගමන් බිමන් පමණක් සිදු කිරීම, ඒ සඳහා ද පොදු ප්‍රවාහන සේවය යොදා ගැනීම (සහභාගී විය නොහැකි අවස්ථා වලට සහභාගී නොහැකි බව තේරුම් ගැනීම)
- විදුලිය නොමැති කාල සඳහා විකල්ප යොදා ගැනීම (විදුලියෙන් ආහාර පිසින්නේ නම් විදුලිය ඇති අවස්ථාවේ දී එය සිදු කර ගැනීම)
- පරිභෝජනය අත්‍යාවශ්‍ය දේ වලට පමණක් සීමා කිරීම
- හැකිනම් අතිරික්තයක් ගබඩා කර තබා ගැනීම (ජලය පවා)
- කරන රැකියාව අවංකව උනන්දුවෙන් සිදු කිරීම
- වටිනා කිසිවක් සන්තකයේ තබා නොගැනීම (සන්තතකයේ ඇති රත්‍රං බැංකු සේප්පුවකට දැමිය නොහැකි නම් සුළු මුදලකට උගස් කොට හෝ තැබීම)
- පුද්ගලික සෞඛ්‍ය රැක ගැනීම
- ආරක්ෂාව සම්බන්ධයෙන් අවධියෙන් සිටීම
- කිසිම විටෙක නයට මුදල් හෝ කිසිවක් ලබා නොගැනීම
මධ්‍ය කාලීන විසඳුම් ලෙස මා දකින්නේ;
- හැකි සෑම තැනකම වගා කිරීම හෝ වගා කිරීමට උදව් දීම
- කරන රැකියාවට අමතරව සුළුවෙන් හෝ මුදල් උපයා ගත හැකි ක්‍රියාවක නිරත වීම
දීර්ඝ කාලීන විසඳුම් ලෙස මා දකින්නේ;
- දරුවන්ට හැකි ඉක්මනින් විදේශ ගත වී ඉගෙනීමට/රැකියාවක් කිරීමට අවස්ථාවක් ලබාගත හැකි වන පරිදි ඉගැන්වීම
පුද්ගලික සෞඛ්‍ය රැක ගැනීම