අභිප්‍රේරණය
අභිප්‍රේරණය හෙවත් මෝටිවේෂන් යනු කුමක්ද?
අභිප්‍රේරණය හෙවත් මෝටිවේෂන් කියලා කියන්නේ සිංහලෙන් නම් ඉදිරියට යැවීම; දිරීමත් කිරීම; පෙළඹවීම; කියන එකට.
ඇමරිකානු මනෝ විද්‍යා සංගමයයේ අර්ථකථනයට අනුව නම් මෝටිවේෂන් කියලා කියන්නේ; හැසිරීම සඳහා අරමුණක් හෝ මඟ පෙන්වීමක් ලබා දෙන, පුද්ගලයා පෙලඹවීම සඳහා සවිඥානක හෝ අවිඥානක මට්ටමින් පුද්ගලයා තුළ ක්‍රියාත්මක වන ආවේගයට.
අභිප්‍රේරණය හෙවත් මෝටිවේෂන් කියන එක බොහොම බලගතු දෙයක්. මේක හරියට හසුරුවන්න පුළුවන් නම් අපිට පුළුවන් පුද්ගලයෙකුව ඔහුගේ කැමැත්තෙන්ම මරණය කරා හෝ යවන්න.
හමුදාවක සොල්දාදුවන් මෙහෙයවන්න, සතුරන් අඩපණ කරන්න, මේ හැසිරවීම් යොදාගන්නවා. ලංකාවේ අවුරුදු තිහක් තිබුණු සිවිල් යුද්ධයේ දි ලක්ෂ දෙකක විතර සොල්දාදුවන් පිරිසක් තමන්ගේ ජීවිතය, තමන්ගේ තාරුණ්‍ය, අවුරුදු විස්සක් විතර කැප කරලා, ඒකට සහභාගි වුණා. ඒකෙදි හැට දාහක් විතර තුවාල වෙලා තිස්දාහක් විතර මැරුනා. නමුත් ඒවා දැක දැකම අනෙක් සොල්දාදුවෝ ඒ යුද්දෙට සහභාගිවූ වුණා. ඒක තමයි අභිප්‍රේරණය කිරීම මෝටිවේට් කිරීම.
අපිටත් ඒක ඒ විදිහට හසුරුවන්න පුළුවන් නම්, අපිට අපේ ජීවිතයේදී මොනතරම් දේවල් කරන්න පුළුවන් වෙයිද?
අභිප්‍රේරණය යනු කුමක්ද කියලා සරලම භාෂාවෙන් අදහස් දැක්වූ විට අපට කියන්න පුළුවන් අභිප්‍රේරණය කියලා කියන්නේ ක්‍රියාවක් පිටුපස ඇති ගාමක බලවේගයටය කියලා.
එවිට අපි කරන හැම ක්‍රියාවකටම ඒක කරන්න අපිට මෝටිවේෂන් එකක් එහෙම නැත්තං අභිප්‍රේරණයක් තියෙන්න ඕනෑ.
දැන් අපිට තේරෙනවා මේ අභිප්‍රේරණය කියන එක අපේ ජීවිතයට කොච්චර වැදගත් ද කියලා.
ඒත් එක්කම, අභිප්‍රේරණය ගැන හරියට දැන ගත්තාම අපිට පුලුවන් අපි කරන ක්‍රියාවන් වල කාර්යක්ෂමතාවය අපිටම පාලනය කරන්න.
ඒ වගේම අපට පුළුවන් අපේ තියන සෞඛ්‍යයට අහිතකර හෝ නොගැලපෙන හැසිරීම් වලින් වළකින්න, ගැලවෙන්න. එවිට අපිට අපේ ජීවිතය අපේ පාලනයට ගන්න අපට පුළුවන්.
ඒ වගේම මේ අභිප්‍රේරණයේ එහෙම නැත්නම් මෝටිවේෂන් එකේ න්‍යායන් හරියටම දැන් ගත්තහම අපට පුළුවන් අපේ පරිසරය පාලනය කරන්න. විශේෂයෙන්ම අප වටේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම් අපට අවශ්‍ය විදිහට, අපට අවශ්‍ය තීව්‍රතාවයෙන් කරවන්න අපට පුළුවන් වෙනවා. ඇත්තටම ඒක පුද්ගලයන්ට විතරක් සීමා වෙන්නේ නැහැ. අපට මේ අභිප්‍රේරණයේ න්‍යායන් හරියිටම දැන් ගත්තොත් අපට පුළුවන් සත්තුන්ගේ පවා හැසිරීම් පාලනය කරන්න.
අභිප්‍රේරණය වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්.
ඒ තමා;
• බාහිර (එක්ස්-ට්‍රින්-සික්) අභිප්‍රේරණය
• අභ්‍යන්තර (ඉන්-ට්‍රින්-සික්) අභිප්‍රේරණය
අපි බලමු මේ දෙක අතර තියෙන වෙනස්කම් හා මේවාගේ ලක්ෂණ
බාහිර අභිප්‍රේරණය
පුද්ගලයාගෙන් පිටත ඇති බාහිර වස්තුවක් ලබාගැනීමට ඇති පෙළඹවීම් නිසා මෙම අභිප්‍රේරණය ඇතිවේ. මේ සඳහා උදාහරණ වන්නේ; කුසලාන, මුදල්, සමාජ පිළිගැනීම්, ප්‍රශංසාත්මක ක්‍රියා ය. එනම්, කර්තව්‍යය කිරීමෙන් ලැබෙන බාහිර ප්‍රතිඵලය නිසා පුද්ගලයා මෙම කර්තව්‍යය කරයි. නැවතත් උදාහරණ දැක්වුවහොත්; උසස්වීම්, පඩි වැඩිවීම්, ප්‍රසාද දීමනා, තෑගි, දිනුම, වරප්‍රසාද , ලබා ගැනීම සඳහා පුද්ගලයන් මෙම කර්තව්‍යය සිදු කරයි.
අභ්‍යන්තර අභිප්‍රේරණය
පුද්ගලයා තුළ සිට පැන නගී. උදාහරණ වන්නේ; සංකීර්ණ හරස්පද ප්‍රහේලිකාවක් කිරීම, ගැටලුවක් විසඳීම වැනි දැය. තව දුරටත් විස්තර කළහොත් කර්තව්‍ය ගැනම ඇති උනන්දුව, කර්තව්‍ය ගැනම ඇති වින්දනය, නිසා පුද්ගලයන් මෙම හැසිරීම් සිදුකරයි. නැවතත් උදාහරණ දැක්වුවහොත්; රසවින්දනය, අරමුණ, වර්ධනය, කුතුහලය, ආශාව, ස්වයං ප්‍රකාශනය, විනෝදය, ලබා ගැනීම සඳහා පුද්ගලයන් මෙම කර්තව්‍ය සිදු කරයි.
අභිප්‍රේරණයේ සංරචක හෙවත් කොටස්;
අභිපේරණයේ කොටස් තුනක් තියෙනවා. ඒවානම්;
• ඇක්ටිවේෂන් හෙවත් සක්‍රීය වීම,
• ප්‍රෙසිස්ටන්ස් හෙවත් නොනැසී පැවතීම,
• ඉන්ටෙන්සිටි හෙවත් තීව්‍රතාවය,
දැන් ඒවා විස්තරාත්මකව බලමු.
ඇක්ටිවේෂන් හෙවත් සක්‍රීය වීම;
හැසිරීමක් ආරම්භ කිරීමට තීරණය කිරීම, උදාහරණ; උපාධිය ලබා ගැනීම සඳහා මනෝවිද්‍යා පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම. මෙය අභ්‍යන්තර හෝ භාහිර අභිප්‍රේරණයකින් ඇති කරන්න, ඇති වෙන්න පුළුවන්. අදාල පුද්ගලයාගේ අභ්‍යන්තර හෝ බාහිර අභිප්‍රේරණය ඇති කරන ආකාරය අපි දන්නවානම්, අපිට අවශ්‍ය හැසිරීමක් අදාල අයගෙන් අපිට ආරම්භ කරවීමට පුළුවන්
ප්‍රෙසිස්ටන්ස් හෙවත් නොනැසී පැවතීම;
බාධක පැවතිය ද ඉලක්කය කරා යාමට ඇති අඛණ්ඩ උත්සාහය. උදාහරණ; පෙර දින රාත්‍රියේ දැඩි ලෙස නිදි මැරීමෙන් වෙහෙසට පත් වුවද මනෝවිද්‍යා පන්තියට පෙනී සිටීම. මේ සඳහා අඛණ්ඩව අභිප්‍රේරණය රඳවා තබාගෙන යා යුතුයි.
ඉන්ටෙන්සිටි හෙවත් තීව්‍රතාවය;
ඉලක්කයක් හඹා යෑම සඳහා ඇති වන සමාධිය සහ ශක්තිය. මෙම තීව්‍රතාවය මනින්න පුළුවන් ඒ කියන්නේ අවම තීව්‍රතාවයකින් කරනවා, මධ්‍යස්ථ තීව්‍රතාවයකින් කරනවා, උපරිම තීව්‍රතාවයකින් කරනවා. උදාහරණයක් හැටියට මනෝවිද්‍යා පාඨමාලාව ගත්තොත්, කරනවාට කරනවා, එහෙම නැත්තම් පාඩම් කරලා, බාහිර ක්‍රියාකාරකම් කරලා උපරිමයෙන්ම කරනවා, ඒ කියන්නේ බැහැලාම කරනවා. එවිට, සුළු උත්සාහයකින් කරන විට අවම තීව්‍රතාවය, නිතිපතා අධ්‍යයනය කරලා කිරීම වැඩි තීව්‍රතාවය. මේ මනින්න ඇති හැකියාවෙන්, මනින එකෙන්, අපට පුළුවන් අභිප්‍රේරණය කල යුතු මට්ටම, ආකාරය තීරනය කරන්න.
අපි කොහොමද අභිප්‍රේරණය වැඩි කරගන්නේ, මේ සඳහා;
• මැස්ලෝගේ ධූරාවලි අවශ්‍යතා පිළිබඳ න්‍යාය,
• හර්ට්ස්-බර්ග්ගේ සාධක දෙකේ න්‍යාය
• මැක්-ලෙලන්ඩ් අවශ්‍යතා පිළිබඳ න්‍යාය
• ව’රූම් ගේ අපේක්ෂාව පිළිබඳ න්‍යාය
• මැක්-ග්‍රෙගර්ගේ න්‍යාය X සහ න්‍යාය Y
• ඇල්ඩර්-ෆර්ගේ ඊ-ආර්-ජී න්‍යාය
වැනි සංකීර්ණ න්‍යායන් තිබෙනවා. නමුත් අපිට ඇති කාල වේලාව ඉතා සීමිත බැවින් අද අපි සරලව මෙය සලකා බලමු.
දිරි දීමනා පරිස්සමෙන් භාවිතා කරන්න;
සිත් ඇදගන්නාසුළු නොවන ක්‍රියාකාරකමක යෙදීමට පෙළඹවීම වැඩි කිරීමට දිරිගැන්වීම් හොඳින් ක්‍රියා කළ හැකි නමුත්, එවැනි ත්‍යාග මත අධික ලෙස යැපීම ඇත්ත වශයෙන්ම සමහර අවස්ථාවලදී පෙළඹවීම අඩුවීමට හේතු විය හැක.
අභියෝග හඳුන්වා දෙන්න;
ඔබ යමක් කිරීමට ඔබේ අභිප්‍රේරණය වැඩි කිරීමට උත්සාහ කරන්නේ නම්, උදාහරණයක් ලෙස ඔබ උදේම දිවීමට අදහස් කරන්නේ නම්, දිවීම සඳහා වේලාසනින් ඇඳෙන් නැගිටීම වැනි නව අභියෝග හඳුන්වා දීම එම අභිප්‍රේරණය වැඩි කර ගැනීමට ඵලදායී ක්‍රමයක් වේ.
සාර්ථකත්වය දෘශ්‍යමාන නොකරන්න;
හදිසියේම සාර්ථක යැයි සිතීම වෙනුවට, එම සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා ගත යුතු සියලු පියවර ගැන සිතා බලන්න.
පාලනය ගන්න;
සිදුවීමට යන දේ පාලනය කර ඇති බවක් දැනෙන විට මිනිසුන්ට බොහෝ විට වැඩි පෙළඹවීමක් දැනේ.
ප්‍රතිඵලය නොව ගමන කෙරෙහි අවධානය යොමු කරන්න;
අරමුණක් ඇරගෙන, සැලැස්මක් හදා ගෙන, ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න, සැලැස්මේ මේ මොහොතේ සාර්ථකත්වය විඳින්න. ඒ වින්දනයෙන් තමයි අරමුණ සාක්ෂාත් කරගන්න, සැලැස්ම ක්‍රියාත්මක කරන්න උපරිම අභිප්‍රේරණය ලැබෙන්නේ.