චිත්ත වීදියක ඇති සිත් වල කෘත්‍ය සංග්‍ර‍හය

0
49
  1. චුති සිත – භවය කෙළවර කිරීම/භවයෙන් පහවීම
  2. ප්‍ර‍තිසන්ධි සිත – මරණයෙන් සිත් පරම්පරාව සිඳී යන්නට නොදී වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කිරීම
  3. භවාඞ්ග සිත – අභිනව භවයෙහි උපන් පසු, සිත් පරම්පරාව සිඳී යන්නට නො දී පැවැත්වීම
  4. පංචද්වාර ආවර්ජන සිත – චිත්ත වීථියක් ඇති වන පරිදි යම්කිසි අරමුණකට චිත්ත පරම්පරාව යොමු කිරීම/හැරවීම
  5. පංචේන්ද්‍රියන් පහෙන් හට ගන්නා සිත්;
  6. දර්ශන – රූප දැකීම හෙවත් දැන ගැනීම
  7. ස්පර්ශන – ශරීරයේ සැපෙන දේ දැන ගැනීම
  8. ආස්වාදන – ආහාරාදියේ රසය ආස්වාදනය කිරීම හෙවත් දැන ගැනීම
  9. ශ්‍ර‍වණ – ශබ්ද ඇසීම හෙවත් දැන ගැනීම
  10. ආඝ්‍රාණ – සුගඳ/දුගඳ ආඝ්‍රාණය කිරීම හෙවත් දැන ගැනීම
  11. සම්පට්ච්ඡණ සිත – චක්ෂුර් විඥානාදියෙන් ගත් රූපාදි අරමුණු පිළි ගැනීම
  12. සන්තීරණ සිත – සම්පට්ච්ඡණ‍යෙන් පිළිගත් රූපාදි අරමුණු විමසීම
  13. වොත්ථප්පණ සිත – විමසූ අරමුණේ තතු විනිශ්චය කිරීම
  14. ජවන සිත් හත – අරමුණ දැන ගැනීම පිළිබඳ වූ ද, දීම් – ගැනීම් ආදි ක්‍රියා පිළිබඳ වූ ද, අධික චිත්ත වේගය
  15. තදාරම්මණ සිත – ජවනයෙන් ගත් අරමුණ ගැනීම

LEAVE A REPLY

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න