අවුරුදු පහෙන් පහට ගෙවෙන මිනිස් ජීවිත චක්‍රය

0
135

මිනිස් ජීවිතය යනු ක්‍රමානුකූලව ගෙවී යන ගමනකි. ඉපදීමේ සිට මරණය දක්වා වූ මේ ගමන දෙස අවුරුදු පහේ කාල පරිච්ඡේද ලෙස බෙදා වෙන්කර බැලූ විට, ජිවිතයේ එකාකරීභාවය හා අප සියළු දෙනාම මුහුණ දෙන එකාකරී වගකීම් සහ අභියෝග ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය.

ජීවිතයේ මුල් වසර විස්ස ගෙවෙන්නේ අන් අය මත යැපෙමින්, ජීවිතයේ මූලික දේ ඉගෙන ගැනීමටයි.

  • අවුරුදු 00 – 05: උපත සහ ළමා විය (අන් අය මත යැපෙමින් මූලික ජීවන හුරුපුරුදු ලැබීම).
  • අවුරුදු 05 – 10: ප්‍රාථමික අධ්‍යාපනය සහ මූලික ඉගෙනුම් පියවර.
  • අවුරුදු 10 – 15: ද්විතීයික අධ්‍යාපනයට පිවිසීම.
  • අවුරුදු 15 – 20: උසස් අධ්‍යාපනය ලැබීම සහ අනාගතය සඳහා පදනම සකසා ගැනීම.

ඊළඟ වසර විස්ස ගෙවෙන්නේ තමන්ගේම දරු පවුලක් නඩත්තු කිරීමට සූදානම් වීමටයි.

  • අවුරුදු 20 – 25: රැකියාවකට පිවිසීම සහ වැඩිදුර ඉගෙනීම.
  • අවුරුදු 25 – 30: ස්ථිර රැකියාවක නිරත වීම, විවාහ වීම, දරුවෙකු සෑදීම හා වාහනයක්, ඉඩමක් සහ නිවසක් මිලදී ගනිමින් අනාගතය තහවුරු කර ගැනීම.
  • අවුරුදු 30 – 35: රැකියාවේ යෙදෙමින් අවුරුදු 5ක කුඩා දරුවාගේ නඩත්තුව සහ රැකවරණය.
  • අවුරුදු 35 – 40: රැකියාව සහ අවුරුදු 10ක ප්‍රාථමික පාසල් දරුවාගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් කැපවීම.

ඊළඟ වසර විස්ස ගෙවෙන්නේ තමන් ගොඩනඟාගත් දරු පවුල නඩත්තු කරමින්, ජීවිතයේ වගකීම් ඉටු කිරීමටයි.

  • අවුරුදු 40 – 45: රැකියාව සමඟ අවුරුදු 15ක ද්විතීයික පාසල් දරුවා නඩත්තු කිරීම.
  • අවුරුදු 45 – 50: රැකියාව සමඟ අවුරුදු 20ක උසස් අධ්‍යාපනය හදාරන දරුවාගේ කටයුතු සම්පූර්ණ කිරීම.
  • අවුරුදු 50 – 55: රැකියාව සහ අවුරුදු 25ක උසස්/විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවාට අතහිත දීම.
  • අවුරුදු 55 – 60: රැකියාවේ අවසන් සමය ගෙවීම සහ අවුරුදු 30ක විවාහපත් වූ දරුවාට උපකාර කිරීම.

ජීවිතයේ අවසාන වසර විස්ස ගෙවෙන්නේ නැවතත් අන් අය මත යැපෙමින්, ජීවිතයේ අවසානය කරා සෙමින් ළඟා වීමටයි.

  • අවුරුදු 60 – 65: නිල වශයෙන් විශ්‍රාම ලැබීම.
  • අවුරුදු 65 – 70: විශ්‍රාමික සුවයෙන් පසුකිරීම.
  • අවුරුදු 70 – 75: විශ්‍රාමිකව, ක්‍රමයෙන් නැවතත් අන් අයගේ සහාය (පරායත්තතාව) මත යැපීම.
  • අවුරුදු 75 – 80: අන් අයගේ උපකාර ලබමින් ජීවිතයේ අවසන් සමය ගෙවා මියයාම.

විශ්‍රාම ජිවිතයේ කොටසක් හෝ සාර්ථකව ජීවත්වීමට නම්, වයස අවුරුදු 20 සිට 40 දක්වා වූ කාලය තුළ සෑම පුද්ගලයෙකුම පහත සඳහන් කරුණු 10 අනිවාර්‍යයෙන් සපුරා ගත යුතුය:

  1. ස්ථිර නිශ්ක්‍රීය (Passive) මාසික ආදායමක්: (විශ්‍රාම වැටුපක් හෝ ස්ථීර තැන්පතු පොලී ආදායමක් සකසා ගැනීම)
  2. තමන්ගේම නිවසක්
  3. වාහනයක්
  4. ස්ථීර තැන්පතුවක්: (අනාගත අභියෝග සඳහා මූල්‍ය සුරක්ෂිතතාව)
  5. ඉඩමක්
  6. මනා සෞඛ්‍යයක්: (ශාරීරික හා මානසික සුවතාව රැකගැනීම)
  7. හොඳ සමාජ සම්බන්ධතා
  8. ගැලපෙන සහකරුවෙක්/සහකාරියක්
  9. දරුවෙකු/දරුවන්: (පවුල සම්පූර්ණ වීම)
  10. අර්ථවත් විනෝදාංශයක්: (මානසික සහනය සඳහා)

ජීවිතය යනු අහම්බයක් නොවන අතර එය නිසි කළමනාකරණයකින් හා සැලසුමකින් යුතුව ගෙන යා යුතු ගමනකි. ඉහත සඳහන් ඉලක්ක නිසි කාලයේදී සපුරා ගැනීමෙන් ඔබටත් ප්‍රීතිමත්, සාර්ථක මෙන්ම සුරක්ෂිත අනාගතයක් ගොඩනගා ගත හැක.

සාරාංශය

අවුරුදු 80ක ජීවිතය

මුල් අවුරුදු 20 – අන් අය මත යැපෙමින් ලෝකය හඳුනා ගැනීම.

ඊළඟ අවුරුදු 20 – අනාගතය ගොඩනඟා ගැනීමට වෙහෙසීම.

ඊළඟ අවුරුදු 20 – ගොඩනඟාගත් ජීවිතයේ වගකීම් ඉටු කිරීම.

අවසාන අවුරුදු 20 – අන් අය මත යැපෙමින්, ජීවිතයෙන් ක්‍රමයෙන් සමුගැනීම.

LEAVE A REPLY

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න