මාර්ගගත ZOOM දේශනයක මූලික අවශ්‍යතා – BASIC REQUIREMENTS OF AN ONLINE ZOOM LECTURE

0
112

By Major Gihan Giragama RSP

මාර්ගගත ZOOM දේශනයක මූලික අවශ්‍යතා

මාර්ගගත දේශනයක් කිරීමේදී ප්‍රධාන කරුණු දහයක් සම්බන්ධව අවධානය යොමු කළ යුතු වේ. ඒවානම්;

  1. දේශණය පවර්පොයින්ට් මෘදුකාංගය භාවිතයෙන් කල යුතුය.
  2. දේශනය සැකසීමේදී එයට ප්‍රායෝගික යෙදුම් උපරිමයෙන් භාවිත කල යුතුය.
  3. දේශනයේදී උදාහරණ ලබාදිය යුත්තේ කතන්දර කීම හරහාය.
  4. දේශනය පුරාවටම සිසුන් සඳහා කල යුතු ක්‍රියාකාරකම් තිබිය යුතුය.
  5. දේශනය කරන අවස්ථාවේ දී දේශකයාගේ රූපය සහ ඔහු සිටින පසුබිම් සිසුන් හට නිරීක්ෂණය විය යුතුය.
  6. දේශකයා විසින්  දේශනය පාලිත සාකච්ඡාවක් ලෙස සිදු කළ යුතුය.
  7. දේශකයා දේශනය කළ යුත්තේ පාලනය කළ වේගයකිනි.
  8. දේශනය කරන අවස්ථාවේදී දේශකයා විසින් සිසුන් හට ලිවිය යුතු සටහන් සහ සටහන් ලිවිය යුතු ආකාරය දැනුම් දිය යුතුය.
  9. දේශනය අතරතුර දි දේශකයා විසින් සිසුන්ට ඔවුන්ගේ නමින් නිතර ඇමතිය යුතුය.
  10. දේශනය අතරතුර දී දේශකයා විසින් සිසුන්ගෙන් ප්‍රශ්ණ ඇසිය යුතුය.

පවර්පොයින්ට් මෘදුකාංගය භාවිතා කරන විට පිළිපැදියිය යුතු රීතී;

රීතිය 1: ස්ලයිඩයකට එක් අදහසක් පමණක් ඇතුළත් කරන්න.

රීතිය 2: ස්ලයිඩයකට විනාඩි 1ක් පමණක් වැය කරන්න.

රීතිය 3: ස්ලයිඩයේ ශීර්ෂයේ ලබා දීමට උත්සාහ කරන පණිවිඩය හරියටම ලියන්න.

රීතිය 4: ස්ලයිඩයට අත්‍යවශ්‍ය කරුණු පමණක් ඇතුළත් කරන්න.

රීතිය 5: ස්ලයිඩයට කරුණු උපුටා ගන්නා ලද ස්ථානයන් සම්බන්ධව පැහැදිලිව සඳහන් කරන්න.

රීතිය 6: දත්තවල දෘශ්‍ය නිරූපණයන් (Graphics) ඵලදායී ලෙස භාවිතා කරන්න.

රීතිය 7: සංජානන අධි බර වළක්වා ගැනීමට ක්‍රියාකරන්න.

රීතිය 8: අවධානය වෙනතකට යොමු වූ පුද්ගලයෙකුට ප්‍රධාන ප්‍රවේශය ලැබෙන පරිදි ස්ලයිඩය සැලසුම් කරන්න.

රීතිය 9: අභ්‍යාසය තුළින් ස්ලයිඩ නිර්මාණය පුනරාවර්තන ලෙස වැඩිදියුණු කරන්න.

රීති 10: තාක්ෂණික විපත් වල බලපෑම අවම කිරීම සඳහා ස්ලයිඩ නිර්මාණය කරන්න.

කතන්දර කීමේදී තිබිය යුතු ප්‍රධාන අංග;

Circumstance – සිදුවීමේ පසුබිම

Curiosity – කුතුහලය

Characters – චරිත

Conversations – සංවාද

Conflict – ගැටුම

LEAVE A REPLY

Please enter your comment!
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න