අද මේ මොහොත වන විට, ඒ කියන්නේ දෙදහස් විස්ස අවුරුද්දේ අප්‍රේල් විසිහය වන දින රාත්‍රී නමය වන විට මුළු ලෝකයේම කොරෝනා එහෙම නැත්නම් කෝවිඩ් නයින්ටීන් රෝගය වැළඳුන රෝගීන් විසිනව ලක්ෂ හතළිස් පන්දහස් තුන්සිය දාහතක් ඉඳලා තියෙනවා, එයින් රෝගය සුව වූ අය අට ලක්ෂ හතළිස් දෙදහස් පන්සිය හැත්තෑ හතක්, රෝගීන් දෙලක්ෂ තුන්දාහස් නවසිය හැත්තෑවක් මැරිලා. මෙයින් රෝගය වැලදුන රෝගීන්ගෙන් හාරසිය අසුපහක් ලංකාවේ රෝගීන්. මියගිය රෝගීන් ගෙන් හත් දෙනෙක් ලංකාවේ, රෝගය සුව කරගත් රෝගීන් ගෙන් එකසිය විසි දෙනෙක් ලංකාවේ.
චීනයේ වූහාන් කියන පළාතෙන් පටන් ගත්තා කියන මේ කොරෝනා එහෙම නැතිනම් කෝවිඩ් නයින්ටීන් කියන රෝගය, කලින් මිනිසාට හමුවෙලා නැති අලුත් වයිරස් එකකින් හැදෙනවා කියලයි සොයාගෙන තිබෙන්නේ . මේ වර්ගයේ වයිරස් කාණ්ඩයට අයත් වෛරස් වලින්ලු කලින් ලෝකය පුරා ව්‍යාප්ත වුණු මාස් හා සාස් කියන රෝගත් බෝ වුනේ. අනෙක මේ කෝවිඩ් නයින්ටීන් එහෙම නැත්නම් කොරෝනා රෝගය බෝ කරන වර්ගයේ වෛරස් වර්ග කිහිපයක්ම තියනවා කියලත් කියනවා.
ආර් එන් ඒ අනුවක් ප්‍රෝටීන් පටලයකින් වැසුණු ඇසට නො පෙනෙන බෝලයක් වගේය කියලා තමා මේ වයිරසය ගැන කියන්නෙ. වෛරසයක තියෙන ආර් එන් ඒ කියන අනුවෙන් කරන්නේ ඒ වෛරසයේ ලක්ෂණ වයිරසයේ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන එකයි කියලා කලින් සොයා ගෙන තිබුණා. එය වටකර ගත් ප්‍රෝටීන් පටලයෙන් ඒ ආර් එන් ඒ අනුව ආරක්ෂා කරනවා. කොරෝනා කියන වෛරසයේ වටේට තියෙන ප්‍රෝටීන් පටලයෙන් කූරු වැනි විශේෂයක් එලියට නෙරලා තියෙන නිසා එය ඔටුන්නක් හැඩය ගන්න බවත් ඒ නිසා එයට ලතින් භාෂාවෙන් ඔටුන්නට කියන නම වන “කොරෝනා” කියන නම භාවිතා කරන බවත් කියවෙනවා.
මේ වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වන්නේ රෝගී පුද්ගලයෙකුගේ ශරීරයෙන් පිටවන ජල බිඳිති එසේ නැති නම් කෙළ බිඳිති මගින් වයිරසය නිරෝගී පුද්ගලයෙකුගේ නාසයෙන් මුඛයෙන් හෝ ඇස් මගින් ඔහුගේ ශරීරයට ඇතුල් වීම මගිනි, මෙය විවිධ ආකාරයට සිදු විය හැකියි. එනම් රෝගී පුද්ගලයාගේ මුවෙන් පිට වන කෙළ පිඬති නිරෝගී පුද්ගලයෙකුට කෙලින්ම ඇතුල් වීම මගින් හෝ රෝගි පුද්ගලයෙකු ස්පර්ශ කල ස්ථානයක් ස්පර්ශ කරන නිරෝගි පුද්ගලයෙකු ඔහුගේ ඇස් නාසය හෝ මුඛය ස්පර්ශ කිරීම මගින් වෛරසය ඇඟට ඇතුල් වීමෙන් වැනි.
නිරෝගී පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළු වූ වෛරසය ප්‍රථමයෙන්ම උගුරට ඇතුළු වී එහි වර්ධනය වී පසු ව පෙනහලු ආක්‍රමණය කොට නිව්මෝනියාව තත්ත්වයට හා අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් අකර්මණ්‍ය කිරීමේ තත්ත්වයට එම පුද්ගලයාව පත් කරනවා. මේ ආකාරයට රෝගය හැමෝටම බරපතළ නොවුනත් වෙනත් රෝගාබාධ තිබෙන දුර්වල පුද්ගලයන්ට මේ වයිරසය මගින් ඇතිකරන රෝගය බරපතළ වන බවයි කියන්නේ. රෝගය බරපතළ වූ රෝගීන් මිය යන්නේ නිව්මෝනියාව උත්සන්න වීමෙන් හුස්ම ගන්න අපහසු වීමෙන් හෝ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් අඩපණ වීමෙන්.
කොරෝනා වෛරසයන් වැලදෙන රෝගය ආසාදනය වුවහොත් එය සාමාන්‍ය මට්ටමකට රෝගය සෑදුණු පුද්ගලයෙකුට සුව වීමට නම් සති දෙකක් පමණ ද උග්‍ර අතට හැරුණු රෝගියෙකු සුව වීමට නම් සති තුනත් හයත් අතර ද ගත වන බව සොයා ගෙන තියෙනවා.
මේ රෝගයේ රෝග ලක්ෂණ වන්නේ;
- උණ
- තෙහෙට්ටුව
- ශරීරයේ වේදනාව හා ශරීරය ඇදුම්කෑම
- වියළි කැස්ස
- නාසය අවහිර වීම
- නාසයෙන් දියර ගැලීම
- උගුරේ වේදනාව
- බඩ එලිය යෑම
මේ රෝග ලක්ෂණ සුළුවෙන් ආරම්භ වීමෙන් පසුව උග්‍ර වන බවත්, නමුත් සමහර පුද්ගලයින් මෙම රෝග ලක්ෂණ පෙන්නුම් නොකර ද රෝගය දරා සිටින බවත්, ඔවුන්ට එය එසේම සුව වී යා හැකි බවත් කියවෙනවා. එම පුද්ගලයින් රෝග වාහකයින් ලෙස ක්‍රියා කරන බවයි දැන් දැනුවත් වෙලා තියෙන්නේ.
මේ වසංගත රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි රෝගීන් විශාල සංඛ්‍යාවක් එකවර රෝගී වීම හා එම රෝගීන්ට රෝහල් තුළ අධික කාලයක් රැඳී සිටීමට සිදු වීම. එවිට රටේ තිබෙන සෞඛ්‍යය පද්ධතියට එම රෝගීන් ධාරිතාවය දරා ගැනීමට නොහැකි වී එම සෞඛ්‍යය පද්ධතිය බිඳ වැටෙනවා. මේ රෝගය වසංගතයක් ලෙස පැතිරුණු සංවර්ධිත යැයි කියන රටවල්වලට සිදු වූයේ මෙයයි. එවිට සිදු වන්නේ නිසි ප්‍රතිකාරයක් නොලබන රෝගීන් නිවෙස්වල සහ මහා මාර්ග වල මිය යෑමයි.
අනෙක් කරුණ තමයි ආසාදනය වුණාට පස්සේ රෝගියා සමීපයට එන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ, මොකද රෝගය බෝ වන නිසා, එවිට සිදු වන්නේ අප ගේ හිතාදරයින් සමීපතමයන් සමීපයෙ හි නැතුවම තනිවම හුස්ම ගන්න අපහසු වී මිය යන්නයි.
මේ රෝගයෙන් මිය ගියාට පසුවත් මෘත දේහය හැකි ඉක්මණින් සෞඛ්‍යය ආරක්ෂක නීති රීති අනුගමනය කරමින් ඉක්මනින්ම පුළුස්සා දැමීම තමයි කරන්නේ. එවිට සමිපතයනට, හිතාදරයින්ට ඒ මෘත දේහයවත් බලන්න බැරි වෙනවා.
මේ රෝගයෙන් වැළකෙන්න දැනට කිසිම බෙහෙතක් සොයා ගෙන නැති නිසා කරන්න තියෙන එකම දේ තමයි රෝගය ආසාදනය කර නොගෙන ඉන්න එක. ඒ සඳහා විශේෂ උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. එනම්;
- කෙල බිඳිති පිට නොවන ලෙස මුඛ ආවරණ පැළඳීම
- තව පුද්ගලයෙක් සමග සිටින විට මීටරයෙන් සිටීම, එනම් පුද්ගලයන් දෙදෙනෙකු අතර පරතරය මීටරයකට වැඩි ව සිටීම
- හැකි සෑම විට ම තප්පර විස්සකට වැඩි කාලයක් සබන් යොදා අත සේදීම
- රෝගය ආසාදිත පුද්ගලයින් හෝ ආසාදිත යැයි සැක පුද්ගලයින් වෙන් කොට තැබීම හෙවත් නිරෝධායනය කිරීම
- මුහුණ අතගෑමෙන් වැළකී සිටීම
- කිවිසුම් යන විට දී හෝ කහින විට දී මුව ආවරණය කර ගැනීම
- කිසියම් හෝ අසනීප තත්ත්වයක් ඇත්නම් අන් අයගෙන් වෙන් ව සිටීම
- ඔබට උණක්, කැස්සක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් යම් ආකාරයකින් පෙර දැනුම් දීමක් කර වෛද්‍ය වරයෙකුගේ උපදෙස් ගැනීම
- පුද්ගලයන් බහුල ව වෙසෙන ස්ථාන වලින් හැකි පමණ ඉවත්ව සිටීම, රෝගීන් සිටින රෝහල් වලට නොයා සිටීම ද මෙයට අයත්
- ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන් විසින් ලබා දෙන උපදෙස් අකුරටම ක්‍රියාත්මක කිරීම
අවසානයටම කියන්න තියෙන්නේ මේ රෝගයෙන් ආසාදනය නොවී සිටීමට සියලුම දෙනා වග බලා ගත යුතු බවයි. නැතිනම් මැරෙන්න වෙන්නේ මහ පාරේ හෝ රෝහලක ඇඳක් වත් නැතුව හුස්ම හිරවෙලා තනියම, මල මිනියවත් ළඟ කෙනෙක්ට බලන්න වෙන්නේ නැහැ කියලයි.